සිරිකොත අලියාට වෙඩි තැබූ PCගේ යටි අරමුණ හෙළිවෙයි

0
95


ජාත්‍යන්තර කම්කරු දිනයේ දි පොලිස් දෙපාර්තමේන්තුවට ද ප‍්‍රසිද්ධියක් ලබා දි කිසියම් වෙනසක් සිදු කිරීමේ අරමුණින් තමන් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇති අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පොලිස් කොස්තාපල්වරයා ප‍්‍රකාශ කර තිබේ.
ඔහු ඒ බව පැවසූවේ ඊයේ (02) පස්වරුවේ ඔහු ගංගොඩවිල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
සැකකාර කොස්තාපල්වරයා මැයි මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එහි දි නියෝග කෙරුණි.
රටේ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවත් නව ව්‍යවස්ථාවක් තමන් විසින් පොතක සටහන් කර ඇති බවත් අදාළ පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
ශ‍්‍රී ලංකා ජාතික ධජයෙන් වැදි ජනතාව නියෝජනය නොවන බවත් එම නිසා එය සංශෝධනය කළ යුතු බවත් ඔහු ප‍්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here