සිසුවෙකුට පහරදුන් අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට

0
36

අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් අද (4) අනුරාධපුර නගරයේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.

එම ආයතනයේ අධ්‍යක්ෂකවරයා විසින් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමට විරෝධය පළ කරමින් මෙම සිසුන් උස්ඝෝෂණයේ නිරත වූ බව වාර්තා වේ.

“මේ වන විට අපේ සහෝදර සිසුවෙකුට අධ්‍යක්ෂකවරයා පහර දීමෙන් එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.  මෙසේ ශිෂ්‍යයන් මර්ධනය කිරීම සදහා පාලන අධිකාරිය ගන්නා මේ උත්සහය අපි හෙළා දකිනවා.“ යැයි අන්තර් විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු හර්ෂ කුමාර මාධ්‍යට පැවසීය.

මේ වනවිට මෙම අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අනුරාධපුර මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහානාම පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here