සුපිරි ක්‍රීඩක ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්න වරෙන්තු

0
62


ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කර ඇත.
නඩත්තු නඩුව කැඳ වූ අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි අතර අදාල නඩත්තු මුදල් ගෙවිම් ද පැහැර හැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.
වගඋත්තරකාර තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වන දිනට කල් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here