සුරූපි නිරූපිකාවක් ලැගුම්හලක දිවි නසාගනී (PHOTOS)

0
52

මාලදිවයින් ජාතික නිරූපිකාවක් බංගලාදේශයේ දී සිය නවාතැන් ගෙන සිටි ලැගුම්හළේ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී එරට පොලීසිය සොයාගෙන තිබේ.
‘Raudha Athif’ නමැති 21 හැවිරිදි ඇය බංගලාදේශයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියා ය.

‘Raudha Athif’ සිය නවාතැන්පොළේ දී මියගොස් ඇත්තේ සියදිවි හානි කර ගැනීමකින් බවට පොලීසිය සැක පළ කරයි.
ඇයගේ මිතුරියක්වි කළ දැනුම්දීමකට අනුව මළ සිරුර සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ‘Vogue India’ සඟරාවට ඇයගේ ඡායාරූපයක් එකතු වූ අතර එහි දී ‘Raudha Athif’ මාලදිවයින් ජනපතිගේ ඇගයීමට ද ලක් විය. තම එකම අරමුණ වෛද්‍යවරියක්වීම බව ඇය එහි ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here