සෞදි ගුවනේ දී හදිස්සියේ දරුවෙකු මිය යයි

0
61

සෞදි අරාබි ගුවන් සමාගමට අයත් ගුවන් යානයක දී වයස අවුරුදු 02 ක දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

රියාද් නුවර කිංග් කලීඩ් අන්තර්ජාතික ගුවන්තොටුපලේ සිට අල්-කුරායියට් ගුවන්තොටුපල දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානක් තුළ දී මෙම මරණය සිදු වී ඇත. හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් දරුවා මියගොස් ඇති බව විදෙස්වා මාධ්‍ය වාර්තා කරයි.

හුස්ම ගැනීමේ අපහසුතාවයකින් හා පපුවේ වේදනාවකින් පෙළෙමින් සිටි මෙම දරුවා බේරා ගැනීමට ගුවන් කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් ගෙන ඇත. කෙසේ වෙතත් අල්-කුරායියට් ගුවන්තොටුපල ගුවන් යානය ගොඩබැස්ස වීමට පෙර දරුවා මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here