හිටපු කොටි දෙදෙනාගේ පාපොච්චාරණය නීත්‍යානුකූල බව මහාධිකරණය පිළිගනී

0
34

2007 දී අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූයේ තමන් බවට කොටි සංවිධානයේ හිටපු  ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී ඇති පාපොචිචාරණය නිත්‍යානුකූල බවට පිළිගන්නා බව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් අද (09) ප‍්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් මිය ගිය  ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාව 14කි.

ගුවනින් හා ගොඩ බිමින් එකවර එල්ල වූ බව කියන එම ප්‍රහාරයෙන් ගුවන් හමුදා කඳවුරු ගුවන් පථයේ නවතා තිබු ගුවන් යානා 16ක් විනාශ වී රුපියල් කෝටි 400ක අනර්ථයක් කර ඇති බවද වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්යෙන් සිදු කර ඇති  පාපොච්චාරණය නිත්‍යානූකූල නොවන බවට විත්තියේ නීතිඥ කාලිංග රවින්ද්‍ර  නැගූ තර්කය මහාධිකරණ විනිසුරුවරයා ප‍්‍රතික්ෂේප කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here