හිටපු ජනපතිගේ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමේ තීරණය අවලංගු වෙයි

0
50


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් 50 දෙනෙකු ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණය අවලංගු කළ බව පොලීසිය පවසයි.
ඒ අනුව තවදුරටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 157 දෙනෙකු යොදවා ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි තවත් පොලිස් නිලධාරින් 50 දෙනෙකු ඊයේ (07) සිට ඉවත් කර ඇති බවට වාර්තා පළ විය.
මින් පෙර එවැනි තීරණයක් ගෙන තිබුණ ද එය අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයේ ජ්‍යොෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
කෙසේ වුව ද පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් හතළිස් දෙදෙනෙකු ඉවත් කර තිබේ.
ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ අවධානයට ද යොමු කළ අතර, කථානායකවරයා සඳහන් කළේ රජය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරු ව ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here