හිරුනිකාගේ ඩිෆෙන්ඩර් නඩුවට දින නියම වෙයි

0
58


දෙමටගොඩ ප‍්‍රදේශයේ දී කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගිය බවට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහි නඩුව විභාගයට අද (26) දින නියම කර තිබේ.
ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ හමුවේ කැඳ වූ අවස්ථාවේ දී ය. ඒ අනුව එම නඩුව නොවැම්බර් මස 06 සහ 08 යන දිනවල දී විභාගයට ගනු ඇත.
මෙම නඩුවේ පළමු විත්තිකරු මේ වනවිට රෝහල්ගත ව ප‍්‍රතිකාර ලබන බැවින් ඔහු නොමැති ව අදාළ නඩුව අද විභාගයට ගැනීමට නොහැකිවීම හේතුවෙන් එය කල් දැමී ය.
2015 දෙසැම්බර් මස 21 වන දින සිදු වූ බව කියන මෙම සිද්ධියට අදාළ නඩුවේ 09 වන විත්තිකාරියවන්නේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්තී‍්‍රවරියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here