හෙට දුම්රිය රියදුරන් වර්ජනයක

0
38

ඉල්ලීම් තුනක් මුල්කර ගෙන හෙට (05) උදෑසන 08.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි.

අහෝසි කළවිශ්‍රාම වැටුප නැවත ලබාදීම, දුම්රිය ව්‍යාපෘති පෞද්ගලික ආයතනවලට ලබාදීම නවතා දැමීම හා සයිටම් ආයතනය වසා දැමීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම මෙම වර්ජනය සිදුකරන බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඹගොඩ මහතා සඳහන් කරයි.

හෙට දිනයේදී මෙම වර්ජනය සඳහා සංගම් විශාල ප්‍රමාණයක දායකත්වයක් සපයන අතර මෙහිදී සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරෝධය පල කිරීම මෙහි මූලික අරමුණක් වශයෙන් දක්වා ඇත.

කෙසේ හෙට දිනයේ දී දියත් කෙරෙන මෙම වර්ජනය හේතුවෙන් බොහෝ මහජන සේවාවන් අඩාල වීමට ද ඉඩකඩ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here