ෆේස්බුක් එකෙන් අවුරුදු 40 ට වැඩි අක්කලා හොයපු මල්ලිට වුණ දේ

0
438

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් තවත් ෆේස්බුක් වංචාකරුවෙකු නීතියේ රැහැනට කොටු කර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ෆේස්බුක් මාර්ගයෙන් අවුරුදු 40ට වැඩි කාන්තාවන් විවාහ කරගන්නා බවට පණිවිඩ මගින් දැනුම් දෙන අයෙකු බවටයි අනාවරණයවී තිබෙන්නේ.

එවැනි කාන්තාවන් හමුවීමට ගොස් රන් ආභරණ, ජංගම දුරකතන ආදිය සොරකම් කරගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ලක්ෂ 05ක් පමණ වටිනා රන් ආභරණ සහ ජංගම දුරකතන ප්‍රමාණයක්ද හමුවී තිබෙනවා.

32 වන වියේ පසුවන මොහු රත්නපුර නිවිතිගල ප්‍ර දේශයේ පදිංචි අයෙක් වන අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදීයි .

තමන් රාජ්‍ය ආයතනයක සේවය කරන බව පවසා අවුරුද් 40ට වැඩි කාන්තාවන් රැසක් මොහු මුලා කර තිබෙනවා.

රැකියාවට නොයන දවස්වල ඔහු මෙම ෆේස්බුක් වංචාව සිදු කරන අතර අවුරුදු 40කට වැඩි කාන්තාවන් විවාහ කරගන්නා බවට ෆේස්බුක් ඔස්සේ පොරොන්දු දී තිබෙනවා.

දෙහිවල, ගල්කිස්ස ආදී ප්‍රදේශවල කාන්තාවන් රැසක් මෙලෙස මුලාවී ඇති බවටයි වාර්තා වෙන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here