කොළඹ ස්ථාන කිහිපයකට හෙට පැය 09ක ජල කප්පාදුවක්

0
5

හෙට පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා පැය 09ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ – 05ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ හදිසි හා අත්‍යාවශ්‍ය ජල – නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව, එම කාලය තුළ දී කොළඹ – 04, කොළඹ – 06, කොළඹ 07, කොළඹ 08, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here