දිවියෙකු පහරදීමෙන් 10 දෙනෙක් රෝහලේ – ප්‍රදේශවාසීන් දිවියා මරා දමයි

0
34

කිලිනොච්චිය, අම්බාල්කුලම ප්‍රදේශයේ දී දිවියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වනජිවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දිවියා අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කළ ද එය අසාර්ථක වී ඇත.

ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පහරදීම හේතුවෙන් පසුව එම දිවියා මිය ගොස් ඇත.

එම දිවියා අම්බාල්කුලම විවේනන්ද විද්‍යාලය පසුපස කැලෑ ප්‍රදේශයේ දී ගවයින් රැක බලා ගන්නා පුද්ගලයෙකුට පහර දී තිබේ.

අනතුරු ව ඒ සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් වනජිවි නිලධාරීන් ව දැනුවත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here