දිවියා ඝාතනය කළ සැකකරුවන් 10 දෙනෙක් රිමාන්ඩ්

0
15

කිලිනොච්චි ප්‍රදේශයේ දී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන මස 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය ලබා දී ඇත.

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 07 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබු අතර අද තිදෙනෙකු අධිකරණයට භාර වී තිබේ.

පසුගිය 21 වැනි දා කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයට පැමිණි දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් එක් ව ඝාතනය කර තිබිණ.

එම සිද්ධියේ වීඩියෝ දර්ශණ උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය පොලීසියට නියෝගයක් ද කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here