සෙම්ප්‍ර‍තිශ්‍යාවට බොමුද ගොළුබෙලි සිරප් එකක්?

0
84

සෙම්ප්‍ර‍තිශ්‍යාවට ලොව වටා භාවිතා වන අත් බෙහෙත්

වැස්සට තෙමිලා  හෙම්බිරිස්සාව හැදුණම නහය රතු වෙනවා ජම්ඹු ගෙඩිය වගේ ඒ වෙලාට අපි නම් කරන්නේ කොත්තමල්ලි ටිකක් තම්බලා බොන එක එහෙම නැත්තම් ලේසියටම කරන්නේ පෙනඩෝල් පෙති දෙකක් බොන එකනේ . කොහොමද  අපිත් හෙම්බිරිස්සාවට කටුසු සුප් එකක් බිව්වනම්. අපිට නම් ඉතිං මේවාට කියන්නේ ඊයා මලජරාව කියලා

හැබැයි සමහර රටවල්වල නම් තත්වය ටිකක් වෙනස්. හෙබ්බිරිස්සාවක් හැදුණම  විවිධ රටවල් විවිධ අත් බෙහෙත් පාවිච්චි කරනවා . මේ කියනේ ඒ ගැන.

නැගෙනහිර යුරෝපය: ගොගොල් මොගොල්

මේක කිරිවලින් හදන රසවත් අතුරුපසක්  මේ ආහාරයට බිත්තර, කිරි, මී පැණි හෝ සීනි, බටර්, කොකෝවා සහ ඇතැම්විට රම් හෝ බ්‍රැන්ඩි වැනි මද්‍යසාරයක්ද එක් කරගනු ලබනවා. මේක උගුර සමනය කර ගන්න පාවිච්චි කරන අත් බෙහෙතක්.

ස්පාඤ්ඤය: සුදුළූණු  තේ

මී පැණි සහ දෙහි දැමූ තේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රචලිත අත්බෙහෙතක් ඒත් ස්පාඤ්ඤ වාසීන් මේකට සුදුළූණු බික් කිහිපයක්ද එක් කර ගන්නවා.

හැබැයි  මෙහෙමයි කියලා  සුදුලූණු වැඩැපුර කන්න ගියොත් වෙනදේත් දන්නවනේ? හෘද, අක්මා සහ වකුගඩු ආබාධ සුදුලූණු නිසා    ඇති වෙන්නත් පුළුවන්.

ජර්මනිය: ගොළුබෙලි  සිරප්

ගොළුබෙල්ලෝ කිව්වම අපට නම් ඊයා  හැබැයි ජර්මනියේ කැස්ස පැණිය තමයි ගොළුබෙලි පැණිය.  ගොළුබෙලි පැණිය කොච්චර ගුණදායකද කියලා කියනවනම් සාමාන්‍ය කැස්සේ සිට දරුණු කැස්ස මෙන්ම බ්‍රොන්කයිටීස් තත්ව සඳහාද උචිත මෙම ඖෂධය සෙම ඉවත්කරලමින් ශ්වාසනාලය පිරිසිදු කිරීමට සමත්කම් දක්වනවා.

හොං කොං: කටුසු සුප්

හොංකොං ගියොත් හෙම්බිරිස්සාවට බොන්න තියෙන හොදම අත් බෙහෙත තමයි කටුසු සුප්. කුකුළු මස් සුප් එකට දැඩි සමානකමක් දක්වන මෙම අත්බෙහෙතේ වෙනස මස් වර්ගය විතරයි. කටුස්සන් මාළුවලට සමාන රසක් මෙහි ඇති බව පවසයි.

ජපානය: ලූණු සුවඳ

අපිනම් එක දවසක් දත් නොමැද හිටියම කියන්නේ කට සුදුලූණු ගඳයි කියලා.ඒ වගේද මේක හෙම්බා හැදුණම  ජපානයේ අය නම් කියන්නේ ලූණු ගෙඩියක් කපලා අරගෙන සුවඳ බලන්න කියලා. ළූණු වලට නාස් කෝටරක පවිත්‍ර කරන්නට හැකියාවක් ඇත.

චීනය: මුව විල්ලූද

මුව විල්ලූද ඉහළ කොලෙස්ටරෝල් මට්ටම් හා අධි රුධිර පීඩන තත්ව පාලනය, හිසේ අමාරු (මයිග්‍රෙන්), පේශිවල කැක්කුම්, ඇදුම, අජීර්ණ තත්ව, ඔස්ටියෝපොරෝසිස්, අක්මා සහ වකුගඩු ආබාධ ආදීවූ ඉතා විශාල සංඛ්‍යාවක රෝග ප්‍රමාණයක් සුව කරගැනීමට භාවිතා වෙනවා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here