විදෙස් සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට

0
25

දකුණු වෙරළ තීරයේ දී විදෙස් සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය 08 වැනි දා අලුයම් කාලයේ දී වැලිගම – මිරිස්ස වෙරළ තීරයේ දී විදේශීය සංචාරකයන් කිහිපදෙනෙකුට පහර දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් සියලුදෙනා අද (19) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම අලුත් අවුරුදු දිනට පසු දා වැලිගම – මිදිගම වෙරළ තීරයේදී ඊශ්‍රායල ජාතිකයන් 05 දෙනෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් මිදිගම, අහංගම සහ මිරිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here