රෑට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 14 දෙනෙක් අනුරාධපුර දී අත්අඩංගුවට

0
35

අනුරාධපුර නගරයේ සිදු කළ මෙහෙයුමක දී අයාලේ යන කාන්තාවන් 14 දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.

මේ සියලු දෙනාම අනුරාධපුර නව බස්‌නැවතුම්පොළ ප්‍රදේශය අවට පවත්වා ගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන 04ක සේවය කරන අය බව අනාවරණය වී ඇත.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානවලට පැමිණෙන පිරිස අඩුවීම නිසා ඉන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමන් රාත්‍රි කාලයේ ගණිකා වෘත්තියේ නිරත වී අමතර ආදායමක්‌ උපයන බව ද ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

එසේ අත්අඩංගුවට ගත් කාන්තාවෝ අවුරුදු 22ත්, 52 ත් අතර වයසේ පසු වෙව්.

ඔවුන් අනුරාධපුර, කෑගල්ල, පුත්තලම, තඹුත්තේගම, මීගමුව, පොළොන්නරුව, ගිරිතලේ මනම්පිටිය සහ කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිස්‌ පරීක්‍ෂණවල දී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම කාන්තාවන් ඊයේ (20) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here