රුපියල් 1500යේ පොහොර අද සිට වෙළඳපොළට

0
6

පොහොර හිඟයක් නොමැති බවත්, එවැන්නක් ඇති කිරීමට හෝ මවාපෑමට උත්සහ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාශය පවසයි.

විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ රුපියල් 1500ට වැඩි මුදලකට සහනාධාර පොහොර අලෙවි කරනු ලබන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පාරිභෝගික සේවා අධිකාරියට දන්වන ලෙසයි.

එමෙන්ම එලෙස පොහොර අලෙවි කරන්නේ නම් 1920 හදිසි ඇමතුම් අංකයට හෝ 011 303 66 66 දුරකතන අංකයට දැනුම්දෙන ලෙස ද අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ රජයට අයත් ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ අලෙවි නියෝජිතයින් මාර්ගයෙන් රුපියල් 1500ක සහනාධාර පොහොර ගොවීන්ට ලබාගත හැකි ය.

හෙක්ටයාර 02කට අඩුවෙන් වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 500 බැගින් වූ සහනාධාර පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම හෙක්ටයාර 02කට වැඩියෙන් වී වගා කරනු ලබන ගොවීන් සහ අනෙකුත් භෝග වගාකරුවන් සඳහා යූරියා, ටී.එස්.පී., එම්. ඕ.පී. සහ එස්.ඒ. යන පොහොර වර්ග රුපියල් 1500ක සහන මිලකට අද සිට ලබාගත හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here