බ්‍රසීල ජාතිකයන් දෙදෙනෙක් ගිල දැමූ කොකෙන් ගුලි 153ක් එළියට ගනී

0
2

කොකෙන් ගුලි ගිල මෙරටට පැමිණ අත්අඩංගුවට පත් ව සිටින බ්‍රසීල ජාතිකයන් දෙදෙනා ගිල දමා තිබූ කොකේන් ගුලි 153ක් මීගමුව මහ රෝහලේ දී වෛද්‍යවරු විසින් එළියට ගෙන තිබේ.

එම කොකේන් ගුලිවල මුළු බර කිලෝ ග්‍රෑම් 1ක් සහ මිලිග්‍රෑම් 400ක් වන අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 35ක් බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

ඔවුන් දෙදෙනා ජුනි (30) සහ ඊයේ (01) යන දින තුළ දෝහා සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ යානාවලින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here