කරදියානට කොළඹ කුණු දාන්න එපා – අධිකරණ නියෝගයක්

0
51


හෙට (29) සිට කරදියාන කසල අංගනයට කොළඹින් රැගෙන එන කුණු බැහැර කිරීම වළක්වාලමින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ පාරිසරික සංවිධාන සහ ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ය.
කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීම අධිකරණ නියෝග මත අද දිනයෙන් අවසන් වුව ද බලධාරින් එහි කුණු බැහැර කිරීම දීර්ඝ කිරීමට උත්සාහ දරන බව පවසමින් ප්‍රදේශවාසීන් සහ මහජන නියෝජිතයින් පිරිසක් කැස්බෑව අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
ඔවුන් හිසේ කළු පටි පැළඳ විරෝධතාවයේ නිතර ව සිටි බවත් කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීමට විරෝධය පළ කරමින් බොරලැස්ගමුව, බෝකුන්දර, කැස්බෑව සහ පිළියන්දල නගරවල අද දිනයේ කළු කොඩි ඔසවා විරෝධය පළ කර තිබූ බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here