ගල්වලකට වැටී 17 හැවිරිදි පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස මියයයි

0
91

ජලය පිරී ඇති ගල්වලකට වැටී අවාසනාවන්ත ලෙස මියගිය පාසල් සිසුවෙකු පිළිබඳ පුවතක් දඹදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

එලෙස මියගොස් ඇත්තේ දඹදෙනිය, මැදවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ලක්ෂාන් චානක නමැති පාසල් සිසුවෙකි.

කෙසේ වෙතත් එම සිසුවා විසින් මීට පෙර තම නිවස ආසන්නයේ ඇති, කළු ගල් කැඩීමෙන් ඇති වූ මෙම ගල් වළ පිළිබඳ සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර ඇති බව ද වාර්තා වේ.

ඒ එම ස්ථානයේ ඇති අවදානම් තත්ත්වය පිළිබඳ කරුණු දක්වමින් ය.

ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here