මාලිබෝන් ක්‍රිඩා සමාජයේ නායකත්වය මහේල ජයවර්ධනට හිමි වෙයි

0
1

Image result for Mahela jayawardene LEAGUE

නෙදර්ලන්ත කණ්ඩායම, නේපාල කණ්ඩායම හා මාර්ලෙබෝන් ක්‍රිකට් කණ්ඩායම (MCC) අතර එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදි පැවැත්වීමට  නියිමිත තුන්කොන් විස්සයි20  තරගාවලියේදී MCC කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත හිමිව තිබේ.

තරගාවලිය ලබන මාසයේදී ආරම්භ වීමට නියමිතය.  මහේල 2015 වසරේදී MCC සමාජයේ යාවජීව සාමාජිකත්වයෙන්ද පිදුම් ලැබීය.

ලෝකයේ විවිධ ලීග තරග සඳහා විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් තරග කර ඇති මහේල එංගලන්තයේ විස්සයි20 ලීග තරගාවලියේදී සමර්සෙට් කණ්ඩායම හා සසෙක්ස් කණ්ඩායමද නියෝජනය කර තිබේ.

තරගාවලියට එක්වෙන සම්පූර්ණ MCC කණ්ඩායම මෙතෙන් නම් කර නොමැති අතර ස්කොට්ලන්ත ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වන විට නම් කර ඇත. ලබන සතියේදී ඉතිරි ක්‍රීඩකයන් නම් කරන බවද එම කණ්ඩායම දැනුම් දෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here