මැයි 7 නිවාඩුව පෞද්ගලික අංශයටත් – ස්වදේශි කටයුතු අමාත්‍යාංශය

0
20

Related image

මැයි 01 වැනිදාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම රජය විසින් මැයි 07 වැනිදාට කල්දැමූ බවට ගැසට්‌ මගින් ප්‍රකාශ කිරීමත් සමඟ මැයි 07 පෞද්ගලික රාජ්‍ය සහ බැංකු යන සියලු අංශයන්ට නිවාඩු දිනයක්‌ බවට ප්‍රකාශ වන බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එස්‌. ටී. කොඩිකාර මහතා ඊයේ (22 දා) පැවසීය.

කම්කරු අමාත්‍යාංශය මගින් කම්කරු දිනය පෞද්ගලික අංශයේ නිවාඩු දිනයක්‌ බවට ප්‍රකාශ කර තිබෙන බවත් මැයි මස 01 වැනිදා නොව රජය ප්‍රකාශයට පත්කරන කුමන හෝ දිනක මැයි දිනය පවත්වනවා නම් එදින පෞද්ගලික අංශයටද නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශ වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් වෙසක්‌ සතිය අප්‍රේල් 26 වැනිදා සිට මැයි මස 02 වැනිදා දින තෙක්‌ පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර තිබෙන බවත් එය සැලකිල්ලට ගෙන මැයි දිනය මැයි 07 වැනිදාට ප්‍රකාශ කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here