එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාව එංගලන්තය වාර්තා කරයි

0
6

Image result for England vs australia

එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (19දා) සමත්විය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 481/6ක් රැස්කරමිනි. ඒ අනුව එක්දින පිටියේ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි ඔවුන් විසින්ම පිහිටුවා තිබූ වාර්තාව එංගලන්තය විසින් බිඳ දමනු ලැබීය. මීට පෙර 2016 වසරේදී පාකිස්තානයට එරෙහිව 444/3ක් ලෙස එංගලන්තය ලකණු රැස්කර තිබුණි.

එංගලන්තයේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාගේ සාර්ථක පිතිහරඹය හේතුවෙන් ඔවුන්ට මේසා විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමට හැකිවිය.

තරගය නොටින්හැම් හිදී පැවැති අතර ජේසන් රෝයි (82), ජොනී බෙයාස්ටෝ (139), ඇලෙක්ස් හේල්ස් (147) හා ඉයන් මෝගන් (67) ලෙස සාර්ථක ඉනිම් ගොඩනැංවූහ.

පළමු කඩුල්ල වෙනුවෙන් ජේසන් රොයි හා ජොනී බෙයාස්ටෝ ලකුණු 159ක සබඳතාවක් පැවැත්වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් බෙයාස්ටෝ හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 151ක සබඳතාවක් පැවැත්වීය. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඉයන් මෝගන් හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 124ක සබඳතාවක් පැවැත්වීය.

ලකුණු 481ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ පන්දුවාර 37කදී සියලු දෙනා දැවී ලකුණු 239කි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිවා වාර්තා කළ විශාලම එක්දින ජයග්‍රහණය මෙය වෙයි. මෙම තරගයේදී හතරේ පහර  62ක් වාර්තා වූ අතර එය එක්දින තරගයකදී වාර්තා වූ වැඩිම හතරේ පහර සංඛ්‍යාව වෙයි. එංගන්තය හා වේල්සය වෙනුවෙන් එක්දින ලකුණු 3000ක් රැස්කළ පළමු පිතිකරුවා ලෙසින් මෝගන් මෙහිදී වාර්තා අතරට එක්විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here