පසුගිය 03 වනදා අතුරුදන් වූ රිනාස් මොහොමඩ් සල්මාන් නමැති අවුරුදු 02යි මාස 08ක් වයසැති දරුවා සොයා ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදි.
දරුවා නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් අවශ්‍ය බව දරුවා පැහැර ගත් කප්පම්කරුවන් ප්‍රකාශ කර තිබුණි.
එම දරුවා සමග අතුරුදන් වූ තරුණයා සොයා ගැනීමත් සමග ඔහුගෙන් ලද තොරතුරු අනුව තවදුරටත් පරික්ෂණ සිදු කෙරුණු අතර ඒ අනුව දරුවා මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේදී සොයා ගැනීමට පසුගිය සෙනසුරාදා (06) පොලීසිය හැකියාව ලැබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඊයේ (07) ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව සැකකරුවන් තිදෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.