පාසල් සිසුන් රැගත් බසයක් ගංඟාවකට පෙරළෙයි – 27දෙනෙක් මියයයි

0
176

ඉන්දියාවේ බටහිර බෙන්ගාලයේ මාර්ගයක ගමන්ගත් පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ගංඟාවකට පෙරළීමෙන් 27දෙනකු පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේ රථයේ 55දෙනකු පමණ ගමන් කර ඇති බව බලධාරීන් පවසයි.

කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බසය පාලමකින් පහලට පෙරළී ඇති අතර අඩි 30ක් පමණ පහතින් පිහිටි බයිරව් ගංඟාවට වැටී ඇත.

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් අවුරුදු 10ට අඩු දරුවන් බවත් රථයේ රියැදුරු සහ ගුරුවරු දෙදෙනෙක් ද මියගිය අය අතර සිටින බවත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට ප්‍රාන්ත පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here