පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270ක් මරුට

0
8

බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණවලට හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදු වූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත.

2009 වර්ෂයේ සිට අවුරුදු 68 – 71ත් අතර වයසේ කාන්තාවන් 450 000කට පමණ පියයුරු පිලිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ජෙරමි හන්ට් පවසයි. ඔහු පවසන්නේ මේ සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් කැඳවා ඇති බවයි.

මෙම අතපසුවීම සිදු නොවුනේ නම් ඔවුන්ට ජීවත්වීමට වාසනාව ලැබෙනු ඇති බවත් ඇති වූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධව රජයේ බලවත් කණගාටුව පළ කරන බවත් ලේකම්වරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here