ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල් හට සිර දඬුවම් නියම කර තිබේ.
2013 වසරේ පනාමුර, දඩුහැතැක්ම ප්රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම්.කේ. අමිල්ට මෙලෙස සිර දඬුවම් නියම කර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම්.කේ. අමිල් හට ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.
ඒ අනුව අද (17) දිනයේ නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින් ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය විත්තිකරුට මාස 03ක සිර දඬුවම් රුපියල් 1500ක දඩයක් ද නියම කර තිබේ.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට රුපියල් 30,000ක වන්දියක් ගෙවන ලෙස ද මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.