අඩි 35ක භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවෙයි

0
13

කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේ දී කොටි සංවිධානය යුද සමයේ දී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ සොයාගෙන තිබේ.

අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචිවීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේ දී අදාළ භූගත බංකරය දැක යුද හමුදා කඳවුර වෙත දැනුම් දීමෙන් පසුව යුද හමුදා සෙබළු පිරිසක් අදාළ ස්ථානයට පැමිණ බංකරය පරික්ෂා කර ඇත.

යුද සමයේ දී ආරක්ෂක අංශ ප්‍රහාරයන්ගේ බේරීම සඳහා කොටි සාමාජිකයින් විසින් මෙම බංකරය අඩි 35ක් තරම් වූ ගැඹුරකට කපා බංකරය උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා තිබේ.

යුද සමයේ දී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ද සැඟ වී සිටියේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි මෙවැනි වූ බංකරක ය.

මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේ දී කොටි කඳවුරක්ද තිබූ බවටද සැක පළවන බවට ද භූගත බංකරය ඉදිරියේ දී විනාශ කර දැමීමට පියවර ගන්නා බව ද යුද හමුදා නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here