39හැවිරිදි ජනපති අපේක්ෂකගේ බිරිඳට 64 (PHOTOS)

0
88

ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන්මේ වන විට ද ලොව පුරා පුවත් මවන්නකු බවට පත් වී තිබේ.

ඒ අන් කිසිවක් නිසා නොව 39 හැවිරිදි එම්මානුවෙල් ගේ 64 වියැති බ්‍රිජිට් ට්‍රෝග්නෙක්ස් නම් බිරිඳ නිසාය.

මෙම අඹුසැමි යුවල අතර පරතරය වසර 25 ක් වේ. එම්මානුවෙල්ට සිය බිරිඳව මුලින්ම හමුවී ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 15 දීය. ඒ වන විට ඇය එම්මානුවෙල් ගේ ගුරුවරියක ලෙස කටයුතු කර ඇත.

1974 වර්ෂයේ දී බ්‍රිජිට් බැංකු කරුවෙකු සමඟ විවාහ වී ඇති අතර ඇයට එම විවාහයෙන් දරුවන් තිදෙනෙක් සිටිති. බ්‍රිජිට් ගේ එක් දියණියක් එම්මානුවෙල්ගේ පාසල් මිතුරියකි.

එම්මානුවෙල් මැක්‍රෝන් වයස අවුරුදු 17 දී බ්‍රිජිට්ව විවාහකර ගන්නා බවට ඇයට පොරොන්දු වී ඇත.

එවිට ‍බ්‍රිජිට් ගේ වයස අවුරුදු 42 කි. බ්‍රිජිට් ගේ පෙර පැවති විවාහයෙන් දික්කසාද වීමෙන් අනතුරුව 2007 වර්ෂයේ දී මොවුන් දෙදෙනා විවාහ වී තිබේ.

බ්‍රිජ්ට් ට මේ වනවිට දියණිවරුන් තිදෙනෙකු, මුණුපුරු මිණිපිරියන් හත් දෙනෙකු සිටින අතර ඇයගේ පළමු දරුවා එම්මානුවෙල්ට වඩා වසර දෙකකින් වැඩිමහල්වීමද විශේෂත්වයකි.

ඡායාරූප පහතින්..

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here