ගත වූ මාස 06 ඇතුළත 40දෙනෙක් අල්ලස් අරන් වරදකරුවන් වෙයි

0
3

2018 වසරේ මේ වනතෙක් ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 40 දෙනෙකු අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

පසුගිය වසර තුළ පමණක් අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 57 දෙනෙකු වරදකරුවන් බවට පත් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න සඳහන් කරයි.

අල්ලස් හා දූෂණය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් ඊයේ (02) පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සරත් ජයමාන්න මෙම අදහස් පළ ක‍ළේ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here