අමාත්‍ය ධූර ගණන 42ක් දක්වා පහළට වැටෙන හැටි මෙන්න

0
832

Related image

යහපාලන රජයේ සිවුවන ඇමති මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා එක්ව මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මක විෂය බෙදීමක් යටතේ අමාත්‍යාංශ නම් කරීම සිදුකර ඇති අතර අද පෙරවරු 10.00ට ඇමති මණ්ඩල සංශෝධනය සිදු වනු ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ලෙස පැවැති අමාත්‍යාංශයක් මුදල් හා ජනමාධ්‍ය ලෙස පැවැති අමාත්‍යාංශයෙත් විෂයයන් වෙනස් වීමට නියමිතය.

බුද්ධ ශාසන අමාත්‍ය ධුරය සඳහා වෙනම අමාත්‍යවරයෙකු පත්කිරීම පිළිබඳවත්, සමෘද්ධි විෂයය එක්සත් ජතික පක්‍ෂයේ අමාත්‍යවරයෙකුට ලබාදීම මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය ධුරය වෙනස් කිරීමටද සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වේ.

තවද අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ඇති සංස්කෘතික අමාත්‍යාංශයේ විෂයයන් ඉවත් කර එම විෂයියන් සංස්කෘතික අමාත්‍යාංශයට යටත් කිරීම සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රීවරුන් පිරිසක් විපක්‍ෂයට යෑම හේතුවෙන් හිස් වූ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන, විද්‍යා හා තාක්‍ෂණ, වෘත්තීය පුහුණු, ක්‍රීඩා, කම්කරු හා වෘත්තීය සබඳතා, ආපදා කළමනාකරණ අමාත්‍ය ධුර සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතය.

මේ අතර, එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කිරීමටද සාකච්ඡා වී ඇති අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරන අවස්ථාවෙදී ඔවුන්ද පත්කිරීමට නියමිත බව වාර්තාවෙ.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝදුරට හෙට(02දා) දිවුරුම් දීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ.

මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් අමැතිවරුන් 47 දෙනකු සිටි අතර එය 42ක් පමණ දක්වා අඩු වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here