70 හැවිරිදි කාන්තාවක් අපයෝජනය කළ 43 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

0
17

වයස අවුරුදු 70ක් වන වයෝවෘද්ධ කාන්තාවක බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 43 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

ඊයේ (26) පස්වරුවේ මදුරන්කුලිය, වේළුසුමනපුර ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුවී ඇත. අතවරයට පත්ව ඇති කාන්තාව දෙදරු මවකි.

ඇයගේ සැමියා මිය ගොස් ඇති අතර, දරුවන්ද විවාහ වී වෙනම වාසය කරයි. එම කාන්තාව ජීවත් වී ඇත්තේ තනිවමය.

සිද්ධිය වූ දින අධික ලෙස බීමතින් කාන්තාව සිටි නිවසට පැමිණ ඇති සැකකරු මුලින්ම ඇයට අතින් පයින් පහර දී පසුව අතවරය සිදු කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචි විවාහක පුද්ගලයෙකි. ඔහුට එක දරුවෙකු සිටින අතර බිරිඳ ‍ඔහු හැර ගොස් ඇතැයි වාර්තා වේ.

අධික ලෙස බීමත්කම හේතුවෙන් මෙම අපරාධය සිදු වී ඇති බව පොලීසිය පවසයි.

අතවරයට පත් කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here