6000කගේ ආරක්ෂාව මැද මෝදි ලංකාවට

0
58


ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරක්ෂාව සඳහා 6000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යෙදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ඔහු මැයි 12 වැනි දා කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළලේ සාමාරම්භක උළෙලට සහභාගීවීමට නියමිතයි.
ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ එම දින කිහිපය තුළ දිවයිනේ සිදු කෙරෙන උත්සව කිහිපයකටම සහභාගීවීමට නියමිත බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
එසේ ම ඔහු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයකට එක්වනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here