පිඹුරෙකුගේ කුස තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමු වී ඇති බව ඉන්දුනීසියානු පොලීසිය පවසයි. එලෙස මරණයට පත් ව ඇත්තේ 25 හැවිරිදි අක්බාර් නමැති පුද්ගලයෙක් බව සිදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එම පුද්ගලයා පසුගිය දිනෙක සුලාවෙසි දූපතේ දී අතුරුදන් වී ඇත. එම සිදුවීම වාර්තා වීමත් සමගම විශාල ගොදුරක් ගිල දැමු පිඹුරෙකු සිටින බවට ප්‍රදේශවාසීන් දැක තිබේ.
ප්‍රදේශවාසීන්ට ඇති වූ සැකයක් මත මිටර් 7ක් පමණ දිගින් යුත් මෙම පිඹුරා කපා බැලීමෙන් අනතුරුව අක්බාර්ගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.
සිද්ධිය පිළිබඳව අදහස් දැක් වූ බටහිර සුලාවෙසි පළාතේ පොලිස් ප්රකාශකයෙකුවන මෂුරා “අක්බාර් හොයාගන්න බැරිවුණා. ඒත් බඩගාගෙන යන්න බැරිව නොසෙල් වී ඉන්න පිඹුරෙක් ඔවුන්ට හමුවුනා. පිඹුරා අක්බාර් ගිලදමා ඇති බව සැක කළ ඔවුන් පිඹුරාගේ ශරීරය කපා බලද්දී අක්බර්ගේ සිරුර ඒ තුළ තිබුණ,” යනුවෙන් සඳහන් කළේ ය.