64 හැවිරිදි ගුරුවරිය සමග විවාහ වූ ළාබාල මැකොන් ප්‍රංශයේ ජනපති වෙයි (PHOTOS)

0
213

ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැකොන් තේරී පත් ව තිබේ. 39 හැවිරිදි මැකොන් ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස සැළකේ.
ඊයේ (07) පැවති දෙවන වටයේ ඡන්ද විමසීමේ දී ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය 66% කි. යුරෝපා සංගම් විරෝධී දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලූපෙන් ලබාගෙන තිබුණේ 33% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
1858 නවීණ සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරු ව එරට ප්‍රධාන දේශපාලන දහරාවෙන්ගෙන් පිටත අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ප්‍රථම අවස්ථාව මෙයවීම ඉතිහාසගත සිදුවීකි.
සිය ජයග්‍රහණයෙන් අනතුරු ව ජනතාව අමතමින් එම්මානුවෙල් මැකොන් සඳහන් කර ඇත්තේ ප්‍රංශයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි.
එම්මානුවෙල් මැකොන්ගේ විවාහය හේතුවෙන් ඉකුත් දිනවල දී ඔහු සම්බන්ධයෙන් සමාජය තුළ බොහෝ කතා බහක් ඇති විය. ඒ ඔහුගේ ගුරුවරියක් වූ 64 ‘බ්‍රිජිට් ට්‍රෝග්නෙක්ස්’ නමැති කාන්තාව විවාහ කරගෙන සිටීම නිසාවෙනි. මැකොන්ට සිය වත්මන් බිරිඳ ප්‍රථම වරට හමු වී ඇත්තේ ඔහුට වයස අවුරුදු 15 දී ය. එවකට ඇය නාට්‍ය ගුරුවරියකි.

ඊට අදාල වීඩියෝව සහ ඡායාරූප පහතින් :

\

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here