99න් අසරණ වූ මිස්බා

0
63

පාකිස්ථාන කණ්ඩායමේ ටෙස්ට් නායක මිස්බා උල් හක් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරඟ තුන වෙනුවෙන් මේ දිනවල ක්‍රීඩා කරමින් සිටී.

ඔහුට සිය ක්‍රිකට් දිවියේ අවසන් තරඟ තුනෙන් තරඟ දෙකකදීම ශතකයන් පෙනි පෙනීම අහිමි විය.

පකිස්ථාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දින වල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී මිස්බා උල් හක් මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දීමට සිදුවිය.

පසුගිය 21 දා සිට 25 දා දක්වා කිංග්ස්ටන්හි සබීනා පාක් ක්‍රීඩාංගනයේ  පැවැති තරගයේ දී පාකිස්ථාන කණ්ඩායමේ පළමු ඉනිමේ දී මිස්බා ලකුණු 99 රැස්කරගෙන සිටිය දී අනෙක් අන්තයේ අවසන් ක්‍රීඩකයා වූ මොහොමඩ් අබ්බාස් දැවීයාමෙන් මිස්බාට ශතකය අහිමි විය. ඒ 1ක් ලකුණකිනි.

ඒ අනුව මිස්බා ලකුණු 99 නොදැවී රැස්කරගෙන එම ඉනිම අවසන් කළේය.

එසේම පසුගිය 30 දා ආරම්භ වූ තරගයේදී පාකිස්ථාන පළමු ඉනිමේ දී මිස්බා ලකුණු 99ක් ගෙන සිටිය දී දැවී ගියේ සිය දෙවන ශතකයද පෙනි පෙනීම අහිමි කරමිනි.

ඒ අනුව අවස්ථා දෙකකදීම එක් ලකුණකින් මිස්බාට ටෙස්ට් ශතක දෙකක් අහිමිවිය.

ඒ අනුව මෙම තරගයේ දෙවැනි ඉනිම මෙන්ම තවත් එක් ටෙස්ට් තරගයක් මිස්බාට ශතකයක් ලබා ගැනීම සඳහා ඉතිරිව පවතී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here