ඉන්දියාවේ මුබ්බායිහි ලිංගික සේවයේ යෙදෙන කාන්තාවන් පන්දහසකට අධික පිරිසක් බැංකු ගිණුම් පහසුකම් ආරම්භ කර ගැනීමට නොහැකි ව පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට හේතු වී ඇත්තේ බැංකු ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඔවුන් සතුව නොමැතිකමයි.
බොහෝ ලිංගික සේවිකාවන්ට උප්පැන්න සහතිකයක්, හැඳුනුම්පතක් හෝ ස්ථිර ලිපිනයක් නොමැති බව හෙළි වී ඇත.
එය විශාල ගැටලුවක් බව එරට කාන්තා විමුක්ති සංවිධාන සඳහන් කරයි.