පිලිස්සුම් තුවාල සහිත මළ සිරුරක් නිවසකින් හමුවෙයි

0
6

බේරුවල, මස්සල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලේ පිලිස්සුම් තුවාල සහිත ව මියගොස් සිටි පුද්ගලයෙකු පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 45ක පමණ වයසැති පුද්ගලයෙකි.

පිලිස්සුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටින බවට බේරුවල පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශණ ආරම්භ කෙරිණ.

මෙම පුද්ගලයා වසර 05ක පමණ කාලයක සිට අදාළ නිවසේ කුලී පදනම මත තනිව ජීවත් වූ අයෙක් බවට අනාවරණ වී තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here