බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙක් ලංකාවේදී මියයයි

0
4

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මියගොස් තිබේ.

ඔහු සමග සිටි තවත් ක්‍රීඩකයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මියගිය රග්බි ක්‍රීඩකයාගේ වයස අවුරුදු 26ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටි.

පසුගිය 10 වැනිදා ක්‍රීඩකයන් 22නෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන් පසුගිය 12 වැනිදා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සුහද රග්බි තරගාවලියකට සහභාගි වී එහිම පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්ව තිබේ.

පසුව ඔවුන් නැවතී සිටි සංචාරක හෝටලයට පැමිණ නැවත කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවකට ගොස් විනෝද වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ (13) අලුයම මෙම ක්‍රීඩකයන් දෙදෙනා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලීම හේතුවෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් රෝහල් ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here