මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වැලිපැන්නේ දී අත්අඩංගුවට

0
3

මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකුවන ජෝශප් කුමාර නොහොත් ජෝශා සහ ඔහුගේ ගෝලයින් තිදෙනෙකු වැලිපැන්න ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ළඟ තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලීසිය කියා සිටී.

කලුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (18) පෙරවරු 07.30 පමණ වැටලීම සිදුකර තිබේ.

එහි දී මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් 05ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටී.

ගිනි අවි උණ්ඩ සහ හෙරොයින් සොයාගෙන ඇත්තේ ජෝශා නම් සැකකරු සතුව තිබිය දී ය. 38 හැවිරිදි සැකකරු වැලිපැන්න ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්, උඩවලව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවන් වේ.

ජෝශප් කුමාර නොහොත් ජෝශා නම් සැකකරු හිටපු යුද හමුදා සෙබලෙකුවන අතර ඔහු මාකඳුරේ මදුෂ්ගේ අපරාධකරුගේ ගෝලයෙක් බවටයි හෙළි වී ඇත.

ඔහුට පානදුර සහ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් හෙට (19) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here