විජයකලාට එරෙහිව ජනපතිට ලිපියක්

0
5

රාජ්‍ය අම්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද (06) ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට සූදානම් බව වාර්තා වේ.

පසුව ඔවුන් ඇයට එරෙහිව පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට සාක්ෂි ලබාදීම සඳහා පොලිස් මූලස්ථානයට පැමිණෙන බව එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටි.

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (05) පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනි දා යාපනයේ දී පැවති රාජ්‍ය උත්සවයක දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා ය.

ඇය ඊයේ කියා සිටියේ තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here