තියුණු ආයුධයකින් පහර දී දෙදරු මවක් ඝාතනය කරයි

0
21

තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් මීගොඩ ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ මීගොඩ දික්හැතැප්ම හේනවත්ත විහාර මාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට ලක් ව ඇති කාන්තාව දියණියන් දෙදෙනෙකුගේ මවක්වන අතර ඇයගේ සැමියා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් බවට වාර්තා වේ.

අද (02) අලුයම කිසියම් කටයුත්තකට නිවසින් පිටත්ව යන බව පවසා තම දියණිය නිවසින් පිටතට පැමිණි බව මියගොස් ඇති කාන්තාවගේ මව ප්‍රකාශ කරයි.

එහිදී එක්වරම ඇසුණු කෑ ගැසීමේ ශබ්දයත් සමග නිවසින් පිටතට පැමිණ සෝදිසි කිරීමේ දී මියගොස් බිම වැටී සිටි තම දියණිය දුටු බව ඇයගේ මව පවසා ඇත.

කෙසේ වෙතත් ඝාතනය සිදුකළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැත.

මීගොඩ පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here