පළාත්පාලන ආයතනවල මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩු කරන්න අලුත් පනතක්

0
6

පළාත් පාලන ආයතනවල මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන එන ලෙස තමන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි.

ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහි දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 8000 වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් පළාත් පාලන ආයතනවල සිටීම සුවදායි නොවන බවයි.

මෙම කෙටුම්පත ඊළඟ මැතිවරණයට කලින් ගෙන එන බව ද හෙතෙම කියා සිටියේ ය.

ඒ ඔස්සේ සමහර කොට්ඨාස ඒකාබද්ධ කිරීම, සමානුපාතික ක්‍රමයේ මන්ත්‍රීධූර අඩුකිරීම හා වැඩිපුර මන්ත්‍රීධූර සමානුපාතික ක්‍රමයට අනුබද්ධ කිරීම මේ මගින් සිදු වේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ හා කැෆේ, ෆැෆරල් වැනි සංවිධාන සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ද පැවසී ය.

ශ්‍රීලනිපය පරණ ක්‍රමය වූ දූෂිත මනාප ක්‍රමයට යන්නේ නැති බවත් නියමිත කාලයේ ඡන්දය පවත්වන බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here