ත්‍රිරෝද රථ වෙනුවට රෝද හතරේ නව වාහන පන්තියක්

0
27

 

ත්‍රිරෝද රථ හා මෝටර් කාර් අතරට ගැනෙන රෝද හතරේ නව වාහන පන්තියක් මෙරටට හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි පවසයි.

අනතුරු හා වාහන තදබදය අවම කිරීම සඳහා පසුගිය අය -වැයෙන් යෝජනා කළ පරිදි නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වාහන පන්තිය හඳුන්වාදීම ආරම්භ කරන බව හෙතෙම පවසයි.

මෙරට තුළ ධාවනය වන ලක්ෂ 10ක් පමණ වූ ත්‍රිරෝද රථවල ඇතිවන අනාරක්ෂිත බව නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිව තවත් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වීම නිසා එය අවම කර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීමට කටයුතු යොදාගෙන යන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම වාහන ලබන වසරේ සිට ඒවා ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනයට යෙදවීමට හැකිවනු ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here