වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට දැනුම්දීමක්

0
8

තමන් සේවය කරන කාර්යාලයට රාජකාරී සඳහා වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින් ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කරයි.

එලෙස වාර්තා කරන සේවකයන් වෙත අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත.

රාජකාරියට පැමිණෙන ඇතැම් සේවකයින්ට බාධා කිරීම් සිදුවන බැවින් අදාළ තීරණය ගත් බව ද තැපැල්පති රෝහණ අබේරත්න කියා සිටියේ ය.

මේ අතර, ඊයේ (25) දිනයේදීත්, තැපැල් වෘත්තීය සමිති සහ බලධාරීන් අතර, සාකච්ඡා පැවතුණ ද ඒවා විසදුමකින් තොර ව අවසන් විය.

කෙසේ වෙතත්, තම ඉල්ලීම්වලට විසදුම් ලැබෙන තුරු අඛණ්ඩව 16 වන දිනටත් වර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here