අල්ලස් ගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට

0
6

රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබා ගත් බකමූණ විදුලි උප කාර්යාලයේ සේවය කරන කාර්යාල කාර්ය සහයකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අල්ලස් ලබා ගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ අධ්‍යක්ෂ ඩී.ප්‍රියන්ත චන්ද්‍රසිරි සඳහන් කළේ ය.

නීතිවිරෝධී අන්දමින් විදුලිය ලබා ගත් ඉදිකෙරෙමින් පවතින නිවසකට අදාළව, නීති මගින් කටයුතු නොකර සිටීමට ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here