කෙසෙල්වත්ත දිනුකගේ ප්‍රධාන ගෝලයෙක් කොටුවෙයි

0
8

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල නායක කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමගින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගුණසිංහපුර පිහිටි ඔහුගේ නිවසේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල නායක කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකුවන මොහු මෙරට සිදුකෙරෙන යම් යම් ජාවාරම් වලට සම්බන්ධ වූ අයෙකු බවට අනාවරණ වී තිබේ.

මීට අමතරව ඔහුට පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති බවට පොලීසිය සඳහන් කරයි.

ඩුබායිහි රැදී සිටින කෙසෙල්වත්තේ දිනුක මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මෙරට සිදු වූ ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here