හෙරොයින් නිසා පුද්ගලයෙක් ජීවිතාන්තය දක්වා සිර ගෙදරට

0
8

හෙරොයින් ග්‍රෑම් 2.18 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (02) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් එලෙස දඩුවම් නියම කළේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට ය.

හෙරොයින් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරිමේ චෝදනා මත සැකකරු 2010 වසරේ පෙබරවාරි මස 28 වැනි දා පැලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, පොසොන් සතිය තුළ මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකුට මසක බරපතල වැඩ සහිත සිර දඬුවමක් තඹුත්තේම මහේස්ත්‍රාත් රමිලා නදීශානි අද නියම කර ඇත.

සුරාබදු නිලධාරීන් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ එප්පාවල, රත්නෙල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here