උත්සව සමයේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යෑම පාලනයට වැඩපිළිවෙළක්

0
11

වෙළෙඳ පොලේ කූඨ ව්‍යාපාරිකයින් විසින් සිදු කරන පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහා පියවරක් වශයෙන් මත්ස්‍ය මිල ගණන් ඉහළ දැමීම පාලනයට පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ලංකා ධීවර සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.

සෑම වසරකම සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සව සමයේ වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පසුගිය වසරවල දී දක්නට ලැබිණ.

ඒ අනුව උත්සව සමයේ විශේෂයෙන් අප්‍රේල් මාසය පුරාම මත්ස්‍ය වර්ග 04ක මිල ගණන් පහත දැමීමට ලංකා ධීවර සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලින්නා, තලපත්, බලයා හා ඉස්සන් යන මත්ස්‍ය විශේෂවල මිල ගණන් පහත දමා ඇති අතර එම සහන මිල ගණන් යටතේ අවශ්‍ය තරම් මාළු ලංකා ධීවර සංස්ථා අලෙවිසැල්වලින් මිල දී ගත හැකි බව එහි සභාපති ජගත් පෙරේරා පවසයි.

නව සහන මිල යටතේ ලින්නා මාළු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 250, බලයා කූරියා වශයෙන් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 350ක් හා කපන ලද බල කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 550, තලපත් කිලෝ ග්‍රෑම් 01ක් රු. 720, හා ඉස්සන් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 890කටත් අලෙවි කෙරේ.

සාමාන්‍යයෙන් උත්සව සමයේ ඉස්සන් කිලෝවක් රු. 1300-1800 දක්වාත්, තලපත් කිලෝව රුපියල් 1200-1450 දක්වාත් ඉහළ යයි. එමනිසා මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව මෙම පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here