ජනප්‍රිය පාසලක මුරකරුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

0
1

කුලියාපිටිය ජනප්‍රිය පාසලක ආරක්ෂක නිලධාරියෙක් හෙරොයින් ළඟ තබාගෙන සිටිය දී පොලිසිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් පැකට් 06 ක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරජන් දීපාල් ද සිල්වා නැමති 32 හැවිරිදි පුද්ගලයෙකි.

කලක පටන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් උපායදුතයෙකු යොදවා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here